කාපට් පාරවල් කියන්නේ ඩොලර්…! පාර කාපට් කරන්න කලින් තෙල් බෙහෙත් ටික ගේන්න…! – මෛත්‍රී හරි මඟට බසිමින්…

March 2, 2022 at 7:56 pm | by emanisa.lk

ස්වයංපෝෂිත ආර්ථිකයක් පැවැති රට අද, පොළොන්නරුවේ ගමේ කඩෙත් ඉන්දියානු සහල් විකුණන තැනට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මෙය ඉතා ම නරක තත්ත්වයක් බව පවසන හිටපු ජනාධිපතිවරයා, එම තත්ත්වයෙන් ගොඩඒම සඳහා වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බව පෙන්වා දෙයි.

රට පුරා අධිවේගී මාර්ග සහ කාපට් පාරවල් හැදීම නවතා එම මුදල්වලින් රටට උවමනා තෙල් සහ ඖෂධ ගෙන ඒමට කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.

කාපට් සඳහා තාර ඇතුළු රසායනික ද්‍රව්‍ය සඳහා වැය වන්නේ ඩොලර් බවත්, එහෙයින් කාපට් පාරක් යනු ඩොලර් බවත් ප්‍රකාශ කරන මෛත්‍රීපාල සිරිසේන, සංවර්ධනයෙහි ප්‍රමුඛතා හඳුනා ගැනීමට කටයුතු කළ බව ද පෙන්වා දෙයි.

ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11ක් විසින් සකසන ලද යෝජනාවලිය ඇතුළත් “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සව අවස්ථාව සමග ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී අද (2) එකතු වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස