මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පසුගිය සතියේ යැවූ පිටු තුනක රහසිගත ලිපිය මගින් පසුගිය කාලයේ මහා මාර්ග අමාත්‍යංශයේ මග නැගුම ඇතුළු ආයතන ගණනාවක සිදුවූ ආන්දෝලනාත්මක ගනුදෙනු ගණනාවක් ගැන බරපතළ චෝදනා නඟා ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග හෙළි කරයි.
තමන් විසින් හෙළිදරව් කරන ලද කරුණුවලට අදාළ සාක්ෂි තමා සතු බැවින් ඒවා ගැන වහා පරීක්ෂණයක් කරන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරය වෙනුවට ඔහුට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරය ලබා දීමට රජය ඊට පෙර යෝජනා කර තිබුණ ද ලන්සා එම තනතුර ප්‍රතික්ෂේප කරන ලද බව ද දේශයට වාර්තා වෙයි.
මහා මාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඉවත්කොට තමන්ට අවශ්‍ය ප්‍රතිපාදන නිසි ලෙස ලබා දුනහොත් තමන් එම මුදල් උපයෝගී කරගෙන ග්‍රාමීය මාර්ග සංවර්ධනයට පියවර ගන්නා බවත් ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත.
එසේම පසුගිය කාලයේ මහාමාර්ග අමාත්‍යංශයේ දේශපාලන කටයුතු භාර නිලධාරියකු තමන්ට ඇතැම් නිල කටයුතුවලට මැදිහත් නොවන ලෙස උපදෙස් දුන් ආකාරය ඇතුළු රහසිගත කරුණු රැසක්ම ලන්සා අමාත්‍යවරයා යැවූ ලිපියේ සඳහන් බව වැඩි දුරටත් සඳහන් වෙයි.