අපනයන ආදායම වැඩි වුණත් ආණ්ඩුව තේ වගාව විනාශ කළා…! – විජිත…

February 23, 2022 at 8:03 am | by emanisa.lk

පොහොර නොමැතිව අසරණ වී ගොවි ජනතාව තේ වගාවෙන් ඉවත් වෙමින් ඇතැයි ජාතික ජන බලවේග ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රි විජිත හේරත් පවසයි.

ඔහු ඊයේ (22) පාර්ලිමේන්තුව අමතමින් මෙසේ ද ප්‍රකාශ කළේ ය.

“අද වන විට තේ ගොවියා පොහොර නැතිව වගාවෙන් අසරණ වෙලා. පොහොර මිටිය විශාල ලෙස ඉහළ ගිහින්. තේ දළු අස්වැන්න අඩුවෙලා. ඉලක්කම් ගැන කිව්වත් ගොවියා බරපතළ තත්ත්වයට පත්වෙලා. අද වන විට ගොවියා තේ වගාවෙන් ඉවත්වෙන තැනට පත්වෙලා.

අපනයන ආදායම වැඩි වුණත් මේ ආණ්ඩුව තේ වගාව විනාශ කළා. අද පැළ බෙදීම මන්ත‍්‍රී ලිස්ට් එකට අනුවයි සිදුවන්නේ. නම නැත්නම් පැළ නැහැ.

වතුකරයේ කම්කරු වැටුප රුපියල් 1000 රජයේ වතුවල කම්කරුවන්ට හෝ ලබා දෙන්න. වතු කම්කරුවන්ට රොටියක් කන්න පිටිවත් නැහැ. අද රුපියල් දහස නොවෙයි දෙදහසක්වත් අවශ්‍යයි. පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවා නම් අදත් වැටුප ලැබෙනවා. තේ කර්මාන්තය නංවනවා වෙනුවට විනාශ කිරීමයි දැන් ආණ්ඩුව කරන්නේ.

හාල් ආනයන ප‍්‍රතිපත්තිය නිසා කුඩා මෝල් හිමියන් කඩා වැටිලා. තෙල් ප‍්‍රශ්නය නිසා විදුලිය දීගන්න බැරිවෙලා. දින තුනක් පුරා හාල් නැව් වරායේ. ඩොලර් නැති නිසා ගොඩබාන්න විදිහක් නැහැ.

උසස් පෙළ ළමයින්ට පාඩම් කරන්න රෑට විදුලිය නැහැ. කටින් බතල හිටෙව්වට ප‍්‍රශ්නවලට විසඳුම් නැහැ. ආණ්ඩුවේ බැරිකම තමයි මේ අද ජනතාවට මුහුණ දෙන්න වෙලා තිබෙන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස