දුප්පතාගේ ගෙදරට පෙර ලක්ෂ 120ක බිල නොගෙවූ ඇමැතිගේ ගෙදර විදුලිය මුලින් කපනු…!

February 22, 2022 at 10:06 am | by emanisa.lk

ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික නිවසේ විදුලිය හිග බිල රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වී ඇතත් එම නිවසට ම අඛණ්ඩ විදුලි සැපයීමක් ලබා දීමට කටයුතු කර ඇති බවට ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් චෝදනා කරයි.

එම ඇමතිවරයට අයත් කිරුළුපන සරණංකර පාරේ නිවසේ විදුලි බිල මේ ආකාරයට ගෙවීම් පැහැර හැර ඇතැයි ද ඔහු පැවසීය.

එම නිවසේ විදුලිය විසන්ධි කීරීමට මේ දක්වා විදුලි බල මණ්ඩලය කටයුතු කර නැති බව පැවසූ ඔහු විදුලිය විසන්ධි කිරීමට එම නිවසේ ආරක්ෂක අංශ ඉඩ ලබා නොදෙන බව ද සඳහන් කළේය.

මේ රටේ දුප්පත් බුලත් විටක් විකුණ ගෙන කුළී වැඩක් කර ජීවත් වන ජනතාවගේ විදුලිය විසන්ධි කිරීමට පෙර මෙවන් අමාත්‍යවරුන්ගේ විදුලිය විසන්ධි කළ යුතු බව ද හෙතෙම කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *