පාස්කු ප්‍රහාරයට එරෙහිව මෛත්‍රීට සහ නිලන්තට එරෙහිව විධිමත් නඩුවක් පවරනු…! – කතෝලික සභාව…

February 21, 2022 at 10:19 am | by emanisa.lk

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව විධිමත්ව නඩුවක් ගොනු කරන ලෙස කතෝලික සභාව නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර ද එහි චූදිතයන් ලෙස නම් කරන ලෙස කතෝලික සභාව එම ලිපිය මගීන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

ප්‍රහාරය පිළිබඳ නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය සඳහා වූ ජාතික කතෝලික කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කරුණු රැසක් සඳහන් කර ඇත.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අසමත් වන නිසා එම චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි එම දෙදෙනා නිදහස් වීමට පෙර නීති විශේෂඥයින් පෙන්වා දෙන බව පැවසෙන මාධ්‍ය වාර්තා සංසරණය වෙමින් පැවැති බව එම නිවේදනයේ සඳහන් වේ.

අපරාධ නඩු පවරන ලෙස ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති සියලු නිලධාරීන් සම්පුර්ණයෙන් මුදා හැරීමක් සිදුවනු ඇතැයි කතෝලික සභාව තුළ කනස්සලක් උද්ගතව ඇති බව නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *