ලංවිම IOCයෙන් තෙල් ගත්තොත් තාප බලාගාර ටිකත් ඉන්දියාවට…!

February 18, 2022 at 5:47 pm | by emanisa.lk

තෙල් සංස්ථාවෙන් බිලියන 95ක ණයට තෙල් ගෙන ගෙවා ගත නොහැකි ලංකා විදුලි බල මණ්ඩලය ඉන්දියානු තෙල් සමාගමෙන් තෙල් මිලට ගන්නේ කෙසේ දැයි ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රශ්න කරයි.

ලංකා IOC සමාගම ණයට තෙල් දුන්න ද ණය ගෙවාගත නොහැකි වුවහොත් තෙල් සංස්ථාව මෙන් නිහඬව නොසිටිනු ඇති බවට ද එහි කැඳවුම්කරු අනතුරු අඟවයි.

ඒ අනුව ණයට හිලව් වීම සඳහා විදුලි බල මණ්ඩලය සතු තාප විදුලි බලාගාර ටික ඉන්දියානු ඔයිල් සමාගම විසින් ඉල්ලා සිටිනු ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

ලංකාවේ තෙල් ඒකාධිකාරය පමණක් නොව බලශක්ති ඒකාධිකාරය ද ලබා ගැනීමේ අවශ්‍යතාවෙන් ඉන්දියාව කටයුතු කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස