පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්රහාරය වළක්වා ගැනීමට ක්රියා නොකළැයි චෝදනා ලැබ සිට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට ත්රිපුද්ල මහධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරු නිදොස් කොට නිදහස් කෙරිණි.
නාමල් බලල්ලේ, ආදිත්ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්රිපුද්ගල විනිසරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාගය විය. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු ද අදාළ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරිණි.