රට බේර ගන්න ඇත්තේ එක ම විදිහයි…! තවත් කල් නොමරා IMF යන්න…! – රනිල්…

February 17, 2022 at 4:33 pm | by emanisa.lk

බංකොලොත් වන රට යළි නඟා සිටුවිය හැකි බවට හොඳම සහතිකය ගත ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට දෙන සහතිකය පදනම් කරගනිමින් ලොව සෙසු රටවල් හා ජගත් සංවිධානවල සහයෝගය ගැනීමට හැකි වන බව ද හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළේය.

දිගින් දිගටම බංකොලොත් වන රට සුරක්ෂිත කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් පියවර ගන්නැයි තමා දිගින් දිගට ම කියන්නේ ඒ නිසා බව ද හෙතෙම සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ අද (17) සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවක් අතරතුර දී එජාප නායකයා මේ බව කීය.

දිගින් දිගටම කඩාගෙන වැටෙන බංකොලොත් රටක් ලෙස ලංකාව හංවඩු ගැසුණහොත් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමෙන් අත්වන ප්‍රතිලාභ අතිශයින් අවම විය හැකි බවට ද රනිල් වික්‍රමසිංහ අනතුරු ඇඟවූයේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *