කොවිඩ් නොතිබුණා නම් අපි දැනටමත් රටට සෞභාග්‍ය උදා කරල…!

February 17, 2022 at 4:56 am | by emanisa.lk

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ විවිධ අර්ථකථන සිදු කළද අර්බුදයට එකම හේතුව කොවිඩ් වසංගතය බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

කොවිඩ් වසංගතය නොතිබුණේ නම් මේ වන විට රටටම සෞභාග්‍යය උදා වී අවසන් බවයි, ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

මේ තරමින් හෝ ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට හැකි වූයේ ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුව නිවැරදි තීන්දු තීරණ ගැනීම නිසා බවත්, වත්මන් ආර්ථික අර්බුදය ජයගත හැකි දැක්මක් සහ වැඩපිළිවෙළක් වත්මන් ආණ්ඩුව සතු බවත් ඇමැති රණතුංග සඳහන් කරයි.

ආර්ථිකය කඩා වැටී ඇති බව පවසමින් ආණ්ඩුවට චෝදනා කරන කිසිදු පාර්ශ්වයක්, ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ආණ්ඩුව අනුගමනය කරන කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළ පිළිබඳව කිසිදු අගය කිරීමක් සිදු නොකරන බව ද ඇමතිවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *