වී අස්වැන්නේ ලොකු අඩුවක් නෑ…! රජය දැනටම ටොන් 35 000ක් අරන්…! සහල් මිලත් රු. 30කින් පහළට…!

February 16, 2022 at 11:15 am | by emanisa.lk

මරඳගහමුල සහල් වෙළඳපොළෙහි සහල් මිල මේ වන විට පහත ගොස් තිබේ. මීට පෙර රු. 160 – 170 ත් අතර මිලකට අලෙවි වූ සම්බා සහල් කිලෝවක මිල අද (16) වන විට රුපියල් 140 දක්වා පහත බැස ඇත.

රු. 155ක් වැනි මිලකට අලෙවි වූ නාඩු සහල් කිලෝවක මිල රු.138 ක් දක්වා පහත බැස තිබේ. මරඳගහමුල සහල් වෙළඳුන් පැවසුවේ සහල් අලෙවියේ ද කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බවයි. ඊට හේතුවී ඇත්තේ සතොස මඟින් අඩු මිලට සහල් අලෙවි කිරීමයි.

මේ අතර වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන පැවසුවේ මෙවර මහ කන්නයේ දී රජය අපේක්ෂා කළාට වඩා වැඩි වී අස්වැන්නක් ලැබී ඇති බවයි.

මෙවර වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිල දී ගැනීම ඉලක්කය වී ඇති බවත්, ඉකුත් සති දෙක තුළ පමණක් වී ටොන් 35,000 ක් මිලට ගෙන ඇති බවත් ඔහු අනාවරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *