සජිත්ගේ ගෝලයෝ මට මඩ ගහනවා…! මගේ දේශපාලන ගුරුවරයා රනිල්…! – හරීන්…

February 16, 2022 at 9:08 am | by emanisa.lk

සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසගේ විශ්ලේෂකයින් විසින් තමා ඇතුළු පිරිසට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කර ඇතැයි එම පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී සහ උප සභාපති හරින් ප්‍රනාන්දු පවසයි.

ස්වාධීන අදහස් ගරු කිරීමට අකමැති මෙම කණ්ඩායම සජිත් ප්‍රේමදාස ද අපහසුතාවට පත් කරමින් සිටින බව ද ඔහු සඳහන් කරයි.

කවුරුන් කුමක් පැවසුව ද තම දේශපාලන ගුරුවරයා අන් කවරෙකු හෝ නොව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බව ද පවසන හරින් ප්‍රනාන්දු, සජිත් ප්‍රේමදාස තමනගේ දේශපාලන ගමන් සගයා සහ ලොකු අයියා ලෙස බව ද ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *