අඩුපාඩු ප්‍රශ්න ඇතුළු විවිධ කාරණා මුල්කර ගෙන සාධාරණව විවේචනය කිරීමේ අයිතිය මාධ්‍යවේදීන් සතුව තිබෙන බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
විවේචන දරා ගැනීමට නොහැකි පුද්ගලයන් හිරු මාධ්‍යවේදී චමුදිතගේ නිවසට ගල්මුල් එල්ල කිරීමේ සිද්ධිය තමා තරයේම හෙළා දකින බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.
දේශපාලනය මුල්කර ගෙන යමෙක් මෙම ප්‍රහාරය එල්ල කළේ නම් එම තැනැත්තා විවේචනය දරා ගැනීම පුරුදු විය යුතු අයකු යැයි ද හෙතෙම සඳහන් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම නීතියේ රැහැනට කොටුකර ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළ යුතු බව ද මහින්ද රාජපක්ෂ කීය.
මාධ්‍යවේදීන්ගෙන් රටට සිදුවන මෙහෙය තමා අගේ කරන බවත් මෙවැනි සිද්ධීන් කවර යුගයක වුවත් සිදු නොවිය යුතු ඒවා බවත් හෙතෙම තව දුරටත් සඳහන් කළේය.