පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශයක් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට…!

February 14, 2022 at 6:42 pm | by emanisa.lk

මාධ්‍ය හමුවක් පවත්වමින් පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ බව කියන සිද්ධියකට අදාළව සිවිල් ක්‍රියාකාරිකයකු වන ශෙහාන් මාලක ගමගේ නැමැති අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (14) සවස පානදුරේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

නීතිපතිවරයාගේ උපදෙස්වලට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ෂෙහාන්න් මාලක ගමගේ අත්අඩංගුවට ගනු ලැබුවේ දණ්ඩනීති සංග්‍රහයේ 120 වගන්ති ප්‍රකාරව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම මාධ්‍ය හමුවේ ඔහු විසින් කළ එම ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා 08ක් ඔහු කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *