සෞඛ්‍ය සේවක වැඩ වර්ජනයට ප්‍රධාන හේතුවක් වී තිබෙන වැටුප් විෂමතාව විසඳීම සඳහා ගණිතය පිළිබඳ දැනුමක් ඇති විද්වතුන්ගෙන් සමන්විත කොමිසමක් පත්කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය රජයෙන් ඉල්ලයි.
අද (10) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී එම සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂන ප්‍රේමරත්න පැවසුවේ වෘත්තීය සමිති රෝගීන් අසරණ කර අසාධාරණ ලෙස වැටුප් වැඩි කර ගැනීමට යාමෙන් සෙසු කණ්ඩායම් ද එම මාර්ගයට ඇද දමන බවයි.
පසුගිය රජය් සෞඛ්‍ය ඇමැතිවරයාගේ සමීපතමයින් වන මෙම වෘත්තීය සමිති නායකයින්ට වැටුප් විෂමතා ගැටලුවක් පැවැතියේ නම් එකල විසඳා ගැනීමට හැකියාව තිබූ බවත් මේ වර්ජන ක්‍රියා මාර්ග දේශපාලන උවමනාවන් මත ගන්නා බවත් ඔහු අවධාරණය කරයි.
එම නිසා බොරු විෂමතා පෙන්වා ජනතාව රැවටීමෙන් වළකින ලෙසත් සැබෑ ලෙස ම විෂමතා ඉවත්කළ හොත් පවතින වැටුපටත් වඩා වැටුප අඩු වන බවත් හෙතෙම සඳහන් කළේ ය.