රටේ පවතින දූෂිත ක්‍රමය නැති කිරීම දේශපාලන බලාධිකාරියට දරාගත නොහැකි බව මිල්කො සමාගමේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා පවතින ක්‍රමය වෙනස් කිරීම පහසු නැතැයි නිදහස් දින කතාවේ දී ප්‍රකාශ කළ ද මිල්කො ආයතනය තුළ පැවැති දූෂිත ක්‍රමය වෙනස් කිරීමට අපහසු නොවූ බව ද ඔහු අවධාරණය කරයි.
“ගරු ජනාධිපතිතුමා නිදහස් දින කතාවේ සඳහන් කළා, පවතින ක්‍රමය වෙනස් කිරීම පහසු නෑ කියලා. මිල්කො ආයතනය තුළ පැවති දූෂිත ක්‍රමයන් වෙනස් කිරීම අපට අපහසු වූයේ නෑ. නමුත් අපේ රටේ දේශපාලන බලාධිකාරියට ඒ දූෂිත අක්‍රමිකවත් ක්‍රමයන් නැති කිරීම දරා ගන්න බෑ.”
මිල්කො ආයතනය 2017, 2018, 2019 කාලයේ රු. මිලියන 2000ක් පාඩු ලැබූ අතර ලසන්ත වික්‍රමසිංහ මිල්කො සභාපති ධූරයට පත්වූ පසු වාර්ෂිකව රු. මිලියන 400ක් ඉක්මවා ආයතනය ලාභ ලැබීය. ඔහු ඉවත් කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මිල්කො සභාපති ධූරයට පත්කරන්නේ ඒ අතරය.