මෙරට ඇස්තමේන්තුගත සුනඛ ගහනයෙන් පසුගිය වසරේ ජලභීතිකාව වෙනුවෙන් එන්නත් කර ඇත්තේ සුනඛයන් තුනෙන් එකක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි පවසයි.
පසුගිය වසරේ දී ජලභීතිකාව හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බව ඔහු පවසයි. සුනඛයින්ට ජලභීතිකා එන්නත් ලබා දීමට පළාත් පාලන ආයතන පශු වෛද්‍යවරුන් සම්බන්ධ කරගෙන පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු වුව ද එවැන්නක් මෙතෙක් සිදුව නැත.
එසේ ම රටේ අයාලේ යන සුනඛයින් පාලනයට කිසිදු විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන නිසා විශාල වශයෙන් වීදි සුනඛ ගහනය ඉහළ ගොස් තිබේ.
මේ නිසා ජල භීතිකාව මෙන් ම සුනඛ සපාකෑම් සහ යතුරු පැදි ඇතුළු රිය අනතුරු ද ඉහළ ගොස් තිබුණ ද පළාත් පාලන ආයතන මෙම ගැටලුව විසඳීම සඳහා තවමත් වැඩපිළිවෙළක් ආරම්භ කර නොමැත. සුනඛයින් සපා කෑ විට එන්නත් ලබා දීම වාර්ෂිකව රජය විශාල මුදලක් වැය කරයි.