අගමැතිගේ ගිණුමේ ලක්ෂ 400, ලක්ෂ 8ට හින්දූ එළියට..! මෝඩ යකා 5 star හොටෙල් ගිහින් හොඳට ජොලි කරල…!

January 29, 2022 at 4:51 pm | by emanisa.lk

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ගිණුමෙන් වංචනිකව මුදල් ලබා ගත් හිටපු පෞද්ගලික ලේකම්වරයා එම ගිණුම වෙනුවෙන් නිකුත් කර තිබූ ඒ.ටී.එම්. කාඩ්පත උපයෝගී කරගෙන රූපලාවන්‍යාගාර, සුපිරි ඇඳුම් වෙළෙඳසල්, තරු පන්තියේ හෝටල් සහ ප්‍රධාන පෙළේ අවන්හල් බිල්පත් පවා පියවා ඇතැයි වාර්තා වෙයි.

කරුණු හෙළිදරව් වී ඇත්තේ මෙම වංචාව ගැන අදාළ බැංකුව විසින් සිදුකරන ලද මූලික විමර්ශනවලදීය.

රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් එකතු වී තිබූ ගිණුමේ ශේෂය රුපියල් ලක්ෂ අට දක්වා අඩුවන තෙක් ඔහු විසින් වංචා සහගත ලෙස මුදල් උපයාගෙන ඇතැයි කියැවේ.

මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී හිටපු ලේකම්වරයා එම මුදල් කොටස් වශයෙන් ගෙවන බව පවසා මේ වනවිට එහි සුළු ප්‍රමාණයක් නැවත ගෙවා ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *