සියලු බලවේග එක්කර ගනිමින් 2023දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි කරන බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.
ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ විරෝධතාවක් ඊයේ (25) ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට දී අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි මේ විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබිණි.
විරෝධතා ව්‍යාපාරයට අනෙකුත් දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති රැසක නියෝජිතයෝ සහභාගි වූහ.