අගමැති මහින්ද රාජපක්‍ෂ හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලට ඊයේ (24) පස්වරුවේ ඇතුළත් කර ඇත.
අගමැතිවරයා රෝහල්ගත කිරීමත් සමග රෝහල අවට දැඩි ආරක්ෂක විධිවිධාන යොදවා තිබිණි.
කොන්දේ ඇති වූ වේදනාවක් හේතුවෙන් රෝහල් ගත කළ අගමැතිවරයා ඊයේ පස්වරුවේ ම රෝහලෙන් පිටව ගොස් ඇති බව ද වාර්තා වෙයි.
මේ අතර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ අගමැතිවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.