බස් රථවල වාඩි නොවි ගමන් ගන්නා මගීන්ගෙන් අඩු මුදලක් අය කළ හැකි පරිදි නව බස් ගාස්තු ක්‍රමයක් ලබන සතියේ සිට හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන්නේ යැයි ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම පවසයි.
කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ආසන ගණනට පමණක් මගීන් ගෙන යෑමේදී සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහා ගාස්තු ඉහළ දැමීමක් කර තිබිය දී ඇතැම් බස් රථවල ආසනගත නීතිය උල්ලංඝනය කරමින් මගීන් ප්‍රවාහනය කරන බවට ද ඇමැතිවරයා චෝදනා කළේ ය.
ඒ අනුව ලබන සතියේ සිට ගාස්තු ක්‍රම දෙකක් යටතේ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන බව ඇමැතිවරයා වැඩි දුරටත් කීය.
ආසන ගත නීති උල්ලංඝනය කරන සියලුම බස් රථ අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවත් ඒ අනුව බොහෝ ප්‍රදේශවල නීතිය ක්‍රියාත්මක වී තිබුණු බවත් ඇමැතිවරයා පැවසීය.
මහනුවරදී ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය.