රටට විදුලිය දෙන්නේ ගල් අඟුරුවලින් ම නෙමෙයි…! 2021 වසරේ වික්ටොරියාවෙන් මිලියන 16 000ක විදුලිය…!

January 22, 2022 at 9:02 am | by emanisa.lk

පසුගිය වසරේ දී වික්ටෝරියා ජල විදුලි බලාගාරය මගින් රුපියල් මිලියන 16241ක් වටිනා විදුලි නිෂ්පාදනයක් සිදුකර තිබෙන බව වික්ටෝරියා ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය පවසයි.

ගිගාවොට් 977ක් 2021 වසරේ දී වික්ටෝරියා ජල විදුලි බලාගාරය මගින් ජාතික විදුලි බල පද්ධතියට එකතු කර තිබෙන බවත් ඒ වෙනුවෙන් වැය කළ ජල ප්‍රමාණය ඝන මීටර මිලියන 2392ක් බවත් හෙතෙම කීය.

ගිගාවොට් පැය 3.62 විදුලි උත්පාදනයක් ඊයේ (21) සිදු කළ බවත් මෙම දිනවල විදුලි ඉල්ලුමේ අඩුවක් පෙනෙන්නට තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මේ වන විට රටේ පවතින විදුලි අර්බුදය හේතුවෙන් කප්පාදුවකින් තොරව ජනතාවට විදුලිය ලබාදීම සඳහා වික්ටෝරියා බලාගාරය මගින් උපරිම ධාරිතාවෙන් විදුලිය නිෂ්පාදනය කරන බව ද වසන්ත ඇහැලපිටිය පැවසුවේය.

මේ වන විට ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට අඩි 425 ක අගයක පවතින බවත් මෙය 380 ක් දක්වා පහත වැටෙන තෙක් ජල විදුලිය නිෂ්පාදය කළ හැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *