මධ්‍යම අධිවේගයට ජනතාවගෙන් දැඩි ඉල්ලුමක්…! ඇතුගල්පුර පිවිසුමේ දින 03ක ආදායම කෝටිය පනී…!

January 21, 2022 at 9:37 am | by emanisa.lk

මධ්‍යම අධිවේගි මාර්ගයේ ඇතුගල්පුර පිවිසුම ජනතා අයිතියට පත් කර පළමු දින 3 තුළ ගමන් කර ඇති වාහන 50,000ක් ගමන් කර තිබේ. එමගින් රුපියල් ලක්ෂ 100කට අධික ආදායමක් උපයා ගෙන තිබේ.

පසුගිය සෙනසුරාදා (15) මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු පැය 12 ජනතාවට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව දී තිබිණි. ඉරිදා (16) දහවල් 12.00න් පසු අධිවේගි මාර්ගයේ ධාවනය වෙනුවෙන් මුදල් අය කිරීම ආරම්භ කෙරිණි.

එදින මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා (17) මධ්‍යම රාත්‍රිය දක්වා වාහන 23,039ක් මේ මාර්ගයේ ධාවනය වූ අතර, එය මේ දින තුන තුළ ධාවනය වූ වැඩිම වාහන සංඛ්‍යාව වේ. එමඟින් රු. 4,865,500.00ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *