ඊයේ (18) දිනයට කල් පිරුණු ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500 ගෙවීම බලවත් වරදක් බව සමගි ජන බලවේගය පවසයි.
රජයට එම බැඳුම්කරයට මුදල් ගෙවීම කල් දමා එම මුදලින් අත්‍යවශ්‍ය භාණ්ඩ, ඉන්ධන සහ රසායනික පොහොර රටට ගෙන ඒමට තිබූ බව එම පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කරයි.
එහෙත් ආණ්ඩුව බැඳුම්කර සඳහා මුදල් ගෙවා දැම්මේ ඒවා ආණ්ඩුවේ හිතවතුන්ට අයත් නිසා බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේ ය.
ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.