පසුගිය වසරේදී මත්පැන් බලපත්‍ර 150 ක් ලබා දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සහ අවන්හල් සඳහා බලපත්‍ර 81ක් ද සුපිරි වෙළෙඳසල් සඳහා බලපත්‍ර 69 ක් පසුගිය වසරේ දී නිකුත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි පවසයි.
කෙසේ වෙතත් සාමාන්‍ය මත්පැන් අලෙවිසල් (නගරවල) විවෘත කිරීමට එක ම බලපත්‍රයක් හෝ 2015 වසරෙන් පසු නිකුත් කර නැතැයි ඔහු සඳහන් කරයි.
මේ අතර මත්පැන් බෝතල්වල ස්ටිකර් හෝ ඩිජිටල් සලකුණු ඇතුළත් කිරීමේ කටයුතු ලබන සතියේ දී අරඹන අතර
ලබන අප්‍රේල් මස 1 වැනිදායින් පසු මෙරට වෙළෙඳපොළේ ස්ටිකරය හෝ ඩිජිටල් සලකුණ නොමැති මත්පැන් බෝතල් තිබිය නොහැකි බව ඔහු අවධාරණය කරයි.