රජය ලබාදුන් විශේෂ ආර්ථික සහන සඳහා රුපියල් බිලියන 229 කට අධික මුදලක් වැය වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.
ඒ අතරින් රුපියල් බිලියන 127 ක් වැය වන්නේ රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට රුපියල් 5,000 ක දීමනාවක් ලබා දීමටය.
මෙරට සමස්ත රාජ්‍ය සේවකයින් 1450,450 දෙනෙකුට හා විශ්‍රාමිකයින් හය ලක්ෂ 66,480 දෙනෙකුට මේ මස සිට රුපියල් 5,000 බැගින් ලබාදෙයි.
දහ හත් ලක්ෂ 93,000 කට අධික සමෘද්ධි ලාභීන් සඳහා ද ජනවාරි මාසයේ සිට අතිරේකව තවත් රුපියල් 1,000 ක දීමනාවක් ලබා දීමට තීරණය කර ඇත.
මෙලෙස සහන ලබා දීමට ආණ්ඩුවට දැඩි වෙහෙසක් දැරීමට සිදු වූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.