ගෙවීම් කාඩ්පත හදුන්වා දීමෙන් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් විසිදහසකට රැකියාව අහිමි වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසයි.
ගෙවීම් කාඩ්පත හඳුන්වාදීමෙන් කොන්දොස්තරවරුන් නොමැතිව බස් රථ ධාවනය කිරීමට හැකි වන ලෙස නීති සකස් කිරීමෙන් මෙම තත්ත්වය උද්ගත වන බවත් ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් විශාල පිරිසකට රැකියා හිමිවන බවත් බස් හිමියන් මෙන්ම මගින්ද අපහසුතාවට පත්වන බවත් අංජන ප්‍රියන්ජිත් පැවසීය.
මෙම තීරණයට විරෝධය පළ කරමින් බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට සහ දිස්ත්‍රික් මට්ටමින් උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු වැඩි දුරටත් කීවේය.
නියමු ව්‍යාපෘතියක් ලෙස ගෙවීම් කාඩ්පත ජනවාරි දෙවන සතියේ සිට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.