තිරිකුණාමල තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සමග එකතුව කටයුතු ශ්‍රී ලංකාව සූදානමින් ඇතැයි ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත වාර්තා කරයි.
ඉන්දියාව සමග දීර්ඝ කාලයක් පැවැත් වූ සාකච්ඡා සාර්ථක වී ඇති බවත් මසක් ඇතුළත අදාළ ගිවිසුම අත්සන් කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා තිබේ.
“අපි මාස 16ක් මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගනිමින් සිටින්නේ. දැන් තිරිකුණාමල ගිවිසුම අවසන් කිරීමට ළඟා වෙමින් ඉන්නේ. අපි ඉන්දියාවත් එක්ක අදාළ ගිවිසුම මාසයකින් පමණ අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා.”