ලබන වසරේ දී ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යමින් රට තුල ආහාර හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව දිවයින පුරා සිදුකල සමීක්ෂණයකට අනුව පෙනී යන බවට කෘෂි විශේෂඥයෝ අනතුරු අඟවති.
පවතින තත්ත්වයට කඩිනම් විසඳුම් නොමැති වුවහොත් ලබන මාර්තු මස පමණ වන විට සහල් කිලෝවක මිල රුපියල් 200 ක් දක්වා ඉහළ යාමේ අවධානමක් මතු විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.
දිවයින පුරා වෙළඳපොළේ ඇති කිරිපිටි, ගෑස්, භූමිතෙල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය තව දුරටත් පවතින අතර ඒවායේ මිල ගණන්ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.