රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර තිබූ අඛණ්ඩ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවන බව එම සංගමයේ වෛද්‍ය සමන්ත ආනන්ද පවසයි.
වෛද්‍ය පත්වීම්වලට දේශපාලන මැදිහත්වීම් සිදුකරණ බව පවසමින් ඊට විරෝධය පළකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය අඟහරුවාදා දිනයේ සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කළේය.
මෙම වැඩවර්ජනය අවසන් කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පවත්වා ඇති බව වාර්තා විය.