වියත්මග වැනි සංවිධානවලින් ආණ්ඩුවට එක්ව විවිධ තනතුරුවලට පැමිණි ඇතැම් පුද්ගලයින් රටේ විනාශයට උදව් කරමින් සිටින්නේ දැයි සැකයක් මතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.
“අපි විශ්වාස කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙත් ඒ පළපුරුද්ද සහ රටට තියෙන ආදරයත් එක්ක මේක ගොඩගන්න පුළුවන් කියලා. මම විශ්වාස කරනවා තවමත් එතුමාලා මේ උත්සාහ දරන්නේ ඒකට.
හැබැයි ඉතිං අනිත් “මගවල්” වලින් ආපු අය, රැල්ලට ආපු අය තනතුරුවලට ඇවිල්ලා සමහර වෙලාවට රටේ විනාශයට උදව් කරනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒකනෙ සමහරු කියන්නෙ මේක වියත්මග නෙවෙයි කියත්මග කියලා.
හැමෝගෙම ඉල්ලීම තියෙන්නෙ කෙසේ හෝ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ බිම් මට්ටමේ මිනිස්සුන්ට ජීවත් වෙන්න වටපිටාව හදන්න කියලා. ඒක බැරි වුණොත් ඇත්තට ම ඉතින් අපට විපක්ෂයට යන්න සූදානම් වෙන්න වෙන්නෙ. සමහර සිද්ධිවලට බලපාන්නෙ කොරෝනාමත් නෙවෙයි.”
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මේ බව පැවසුවේ ඊයේ (22) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.