ආණ්ඩුව මෛත්‍රී ඇතුළු පාස්කු අපරාධකාරයින් රකිනවා..! – සිරිල් ගාමිණී පියතුමා…

December 22, 2021 at 4:49 am | by emanisa.lk

දේශපාලන වුවමනා වෙනුවෙන් පාස්කු ප්‍රහාරයේ විමර්ශන යට ගසමින් ආණ්ඩුව සත්‍ය සැඟවීමේ උත්සහයක නිරතවන්නේ යැයි සැකයක් මතුවන බවට ගරු සිරිල් ගාමිණී පියතුමා චෝදනා කරයි.

අද (21) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් පියතුමා මේ බව සඳහන් කළේය.

“ඇයි ඇත්ත හෙළිදරව් කරගන්න උත්සහ කරගන්නේ නැත්තේ? ඒක වහන්න උත්සහ කරන්නේ ඇයි ? මේවා විමර්ශනය නොකරන්නේ කාව ආරක්ෂා කරන්න ද? අපි කියමු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට වගකියන්න ඕන කියලා, බොහොම පැහැදිලි නිර්දේශයක් තිබෙනවා. ඔහුට විරුද්ධව අපරාධමය නඩුවක් පවරන්නට ඕනෙ කියලා. ඒක නිර්දේශයක්. පළමු නිර්දේශය ඒ කොමිෂන් සභාවේ.

ඊට පස්සේ රජයේ වගකිවයුතු අමාත්‍යවරයෙක් කියනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ පාස්කු ප්‍රහාරයට වගකියන්න ඕනේ කියලා. එතකොට ආණ්ඩුව සහ CIDඑක කරන්න ඕනේ මේක විමර්ශනය කරන එක.

ඒ වගේ ම ආණ්ඩුව සහ නීතිපතිවරයා කරන්නට ඕනේ මේ ජනාධිපති කොමිෂන් සභාවේ තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන එක. ඉතින් ඒක කරන්නේ නැහැනේ. එතකොට අපිට හිතෙන්නේ මේවා මේ සම්බන්ධතා තියාගෙන ඉන්නවා කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *