යළිත් වරක් කිරිපිටි මිල සංශෝධනය කිරීමට සිදු විය හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර සඳහන් කළේ, අවසන්වරට මෙරට කිරිපිටි මිල ඉහළ දැමීමෙන් පසු මේ දක්වා ලෝක වෙළඳපලේ කිරිපිටි මිල සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
මෙරට පවතින විදේශ සංචිත අර්බුදය හමුවේ ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව කිරිපිටි ආනයනකරුවන් බරපතළ අර්බුදයකට මුහුණ දී ඇත.
දැනට පවතින කිරිපිටි හිගය මගහරවා ගැනීමට තවත් මාස දෙකක පමණ කාලයක් ගත වනු ඇති බව අශෝක බණ්ඩාර පෙන්වා දුන්නේය.