විල්බැරෝවේ සල්ලි අරන් ගිහින් ෂොපං බෑගයේ බඩු ගේන්න වෙන යුගයක් එනවා..! – තිස්ස…

December 20, 2021 at 5:44 am | by emanisa.lk

හතර පස් දෙනෙක් සිටින පවුලකට එක වේලක් හරියට කන්න බැරි තත්ත්වයට මේ ආණ්ඩුව විසින් පත් කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

ඊයේ (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේබව පැවසුවේය.

මේ වන විට භාණ්ඩ මිල 200%කින් 300%කින් ඉහළ ගොස් ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් ජනතාවගේ ආදායම් මාර්ග වෙනස් වී නැති අතර විල්බැරෝවක මුදල් ගෙන ගොස් ෂොපින් බෑගයකට බඩු ගෙන ඒමට සිදුවන තත්ත්වයට රටේ ජනතාව පත්වෙමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

උද්ධමනය පාලනය කිරීමට,ආර්ථික කඩා වැටීම පාලනය කිරීමට රජය ක්ෂණික ක්‍රියාමර්ග ගත යුතුව ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *