රටේ පවතින සිමෙන්ති හිඟය වහා පිරවීමට ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කඩිනම් පියවරක් ලෙස ආනයනය කරන ලද සිමෙන්ති තොගයක් අඩුම මිලට පාරිභෝගිකයින් වෙත ලබා දීම සඳහා වෙළඳපොළට නිකුත් කර ඇත.
ආනයනකරුවන් සිමෙන්ති ආනයනය නවතා දැමීමත් සමඟ වෙළඳපොළේ ඇති වූ දැඩි සිමෙන්ති හිඟය පිරවීම සඳහා සිමෙන්ති කොට්ට තොගයක් වහාම ගෙන්වීමට ටෝකියෝ සිමෙන්ති සමාගම පියවර ගත්තේය.
ඒ අනුව, දිවයිනේ සෑම ප්රදේශයක ම පාරිභෝගිකයන් වෙත 1,275/- ක උපරිම සිල්ලර මිලකට සිමෙන්ති කෝටටයක් ලබා දීමට සමාගම කටයුතු කර ඇත.