සරසවි ඇදුරෝ 25ක් ලක්ෂ 600ක් කාබාසිනියා කරති…!

December 11, 2021 at 3:20 pm | by emanisa.lk

පශ්චාත් උපාධි හැදෑරීම සදහා ප්‍රතිලාභින් ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 13 දෙනෙකුට 2009 සහ 2017 අතර කාලයේදී රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් ලබාදී තිබුණද ඔවුන් උපාධි පාඨමාලා අතරමග අතහැර දමා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව)පවසයි.

එසේම 2017 වසරේදී විශ්ව විද්‍යාල අටක කථිකාචාර්යවරුන් 12 දෙනෙකු 2017වර්ෂයේදී රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් පර්යේෂණ සඳහා අනුමත කරගෙන ඒවා එම පරීක්ෂණ සඳහා යොදා ගෙන නැතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද කෝප් කමිටුවේදී තොරතුරු අනාවරණයවී ඇත.

ආචාර්ය උපාධිය හදාරා ඇති 15 දෙනකු පසුගිය කාලයේදී විශ්ව විද්‍යාලවලින් ඉවත්වී ඇති බවටද තොරතුරු අනාවරණයවූ බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

මෙලෙස රජයේ මුදල් අවභාවිතා කළ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව කෝප් කමිටු සභාපතිවරයා එම කමිටු රැස්වීමේදී පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *