ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ප්‍රියන්ත කුමාර මස් ගොඩක් වෙයි…! මරණ පරික්ෂණ වාර්තාව නිකුත් වෙයි..

December 6, 2021 at 6:21 am | by emanisa.lk

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත්ව තිබේ.

එම වාර්තාවට අනුව පහර දීමෙන් ප්‍රියන්ත කුමාරගේ හිසට සහ සිරුරේ අස්ථිවලට බරපතළ හානි සිදුව තිබේ. හිස්කබලට දැඩි ලෙස හානි සිදුව ඇති බවත්, පිළිස්සීමෙන් සිරුරේ පටක 99%ක්ම විනාශ වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

එමෙන්ම එක් පාදයක් හැරුණු විට සිරුරේ අස්ථි සියල්ලම බිදී ඇති බවත් එහි සඳහන් බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කොට ඇත.
දේහය අද (06) පෙරවරු 10ට ශ්‍රී ලංකාවට එවීමට නියමිතව තිබේ.

ලාහෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *