ප්‍රියන්ත ඝාතනයට එරෙහිව පාකිස්ථානය වීදි බසී…! ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව නිහඬයි…!

December 5, 2021 at 5:37 am | by emanisa.lk

පාකිස්ථානයේ පංජාබයේ සියල්කෝට්හි දී ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර අමානුෂික ලෙස ඝාතනයට එරෙහිව එරට ජනතාව සිය ගණනින් වීදි බැස සිය විරෝධය ද ශ්‍රී ලංකාවට කනගාටුව ද ප්‍රකාශ කරති.

පාකිස්ථානයේ ලාහෝර්, කරච්චි ආදී නගරවල ජනතාව මෙලෙස විරෝධතා පුවරු අතැතිව මුස්ලිම් අන්තවාදයට එරෙහිව සිය විරෝධය පළ කළහ. “පාකිස්ථානු අපට සමාවෙන්න” “අපට ලැජ්ජයි” ආදී වැකි එම පුවරුවල තිබිණි.

පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමතා සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කර ඇති අතර මේ වන විටත් අදාළ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඇතුළු 120කට අධික පිරිසක් cctv දර්ශන ඇසුරින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වුව ද ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව මෙතෙක් අදාළ ඝාතනයට එරෙහිව කිසිදු සැලකිය යුතු විරෝධයක් දක්වා නොමැති අතර සමාජ මාධ්‍යවල ද ඔවුන් දැඩි නිහඬතාවක ගිලී සිටිති. රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයා අදාළ ඝාතනයට විරෝධය ප්‍රකාශ කර ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *