සිය නිවසට ඊයේ (04) රැගෙන ආ ලිට්රෝ ගෑස් සිලින්ඩරයේ කාන්දුවක් සිදුව ඇති බව හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක පවසයි.
ඒ ගැන ලිට්රෝ සමාගමේ සභාපතිවරයාගෙන් විමසූ බවත් එහිදී සබන් පෙණ ආවට ප්‍රශ්නයක් නොවන හෙයින් එය භාවිත කරන ලෙස ඔහු පැවසූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
එහෙත් අවදානමක් ගැනීමට බිරිද මෙන්ම නිවසේ සෙසු අය ද අකමැති වීම නිසා එම ගෑස් සිලින්ඩරය නැවත භාර දීමට කටයුතු කළ බව ද ඔහු කියා සිටියේ ය.
මෙම ප්රශ්නය විසඳා ගැනීම වෙනුවෙන් දැන් කළ යුතුව ඇත්තේ වෙළෙඳපොළේ පවතින ලිට්රෝ ගෑස් සිලින්ඩර නැවත ලබාගෙන එම සෑම සිලින්ඩරයක්ම පරීක්ෂා කිරීම බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.