කොවිඩ් නැවතත් හිස ඔසවයි..! ඉදිරි දෙසතියට නව සෞඛ්‍ය නීති..!

December 1, 2021 at 9:04 am | by emanisa.lk

කොරෝනා පාලනය සඳහා හෙට (1) සිට  ලබන 15 වැනිදා දක්වා  බලපැවැත්වෙන පරිදි  නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින්  අද නිකුත් කරනු ලැබීය.

මෙම  නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ ශාලාවේ උපරිම ධාරිතාවයෙන් තුනෙක් එකක පිරිසකට පමණි.

කෙසේ වෙතත් එම පිරිස 200 නොඉක්මවිය යුතු බවද  එහි  සඳහන් වේ .

මේ අතර එළිමන් මංගල උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම   සංඛ්‍යාව 250කි.

කොවිඩ්  පාලනය සඳහා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙස  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *