හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු විසින් පක්ෂ නායකත්වය වෙත යවන ලද ලිපියක දැක්වෙන්නේ තව දුරටත් පක්ෂයේ රැඳී සිටීම ඵලක් නොමැති බවට හැගී යන බවයි.
වත්මන් සහ අනාගත අභියෝග ජයගැනීමට සුදුසු වැඩපිළිවෙළක් ඇති වන බවක් පක්ෂය තුළ පෙනෙන්නට නොමැති බැවින් තව දුරටත් පක්ෂයේ රැඳී සිටීම නිෂ්ඵල බව ඔහු යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.