මේ මොහොතේ ආණ්ඩුව කළ යුත්තේ සූත්‍ර හඳුන්වා දීම නොව සහන මිලට ඉන්ධන ඇතුළු භාණ්ඩ ලබා දීම බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.
මේ වන විට අධික බඩු මිල නිසා ජනතාවට ජීවත් විය නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
මේ අවස්ථාවේ කිසිවෙකු ආණ්ඩුව භාර ගන්න සිතන්නේ නම් ඔහුගේ ඔළුව හොඳ නැති බවත් චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කරයි.
සිය නිවසේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.