කොටි පරාජය කළ ශවේන්ද්‍රලට ඇමරිකාවට යන්නත් තහනම්…! පාස්කු බෝම්බ ගහද්දි හිටි හමුදාපතිට සම්මානයත් දෙනවා…! – මේජර් අජිත් ප්‍රසන්න…

November 19, 2021 at 10:12 am | by emanisa.lk

කොටි ත්‍රස්තවාදය පරාජය කළ මානුෂීය මෙහෙයුමට නායකත්වය දුන් කිසිදු හමුදා නිලධාරියෙකුට ඇමරකාවට මෙන් ම යුරෝපයට යාමට තහනමක් පනවා ඇති බව නීතීඥ, මේජර් අජිත් ප්‍රසන්න පවසයි.

එහෙත් විනය හේතු මත හමුදාවෙන් ඉවත් කර සිටි යහපාලනාණ්ඩුව සමයේ නැවත හමුදාවට කැඳවා හමුදාපති ධූරය ලබා දුන් මහේෂ් සේනානායකට ඇමරිකාව සම්මාන ද ලබා දෙන බව ඔහු ප්‍රකාශ කරයි.

“මානුෂීය මෙහෙයුම කාලෙ හමුදාවෙ හිටපු කිසිම ජ්‍යේෂ් නිලධාරියෙකුට ඇමරිකාවට යුරෝපයට යන්න බැහැ. තහනම්. හැබැයි මහේෂ්ට පුලුවන් විතරක් නෙවෙයි, සම්මානත් ලැබෙනවා.”

මහේෂ් සේනානායක විනයගරුක හමුදා නිලධාරියෙකු ලෙස රටට ඉටු කළ කාර්යභාරය උදෙසා මෙම සම්මානය ලබා දෙන බව ඇමරකාව පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *