යහපාලනාණ්ඩුව රටට හොඳ ආර්ථිකයක් දායාද කළා…! මේ ආණ්ඩුව අයවැයෙන් ජනතාවට කන්න ටිකත් නැති කළා..! – රුවන් විජේවර්ධන…

November 15, 2021 at 6:04 pm | by emanisa.lk

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අයවැය කිසිම හරයක් නැති, අරමුණක් නැති සහනයක් නැති අයවැයක් වන අතර ඒ ගැන කනගාටු වෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (15) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

අයවැයෙන් පොඩි පොඩි සහන දුන්න ද රටේ ජනතාවගේ මේසයට කෑම ටික නොලැබෙන බව ද හෙතෙම ප්‍රකාශ කරයි. අයවැයෙන් ඉදිරිපත් කර තිබෙන අනතුරු බද්දෙන්ද ද පහර වදින්නේ මධ්‍යම පන්තියට බවට එජාප නියෝජ්‍ය නායකයා චෝදනා කරයි.

රාජ්‍ය සේවය දැන් බරක් යැයි පැවසුවද රජයේ සේවයට පිරිස් බඳවා ගෙන එය බරක් බවට පත් කරගත්තේ මේ ආණ්ඩුව බව ද රුවන් විජේවර්ධන සඳහන් කරයි.

යහපාලන කාලයේදී රු.10,000කින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකර ඔවුන්ට හිමි එම ගෞරවය ලබා දීමට කටයුතු කළ බවත් රුවන් විජේවර්ධන කියා සිටියේය.

යහපාලන කාලයේදී ආර්ථිකය කළමනාකරණය කරගනිමින් මිනිස්සුන්ට කන්න දුන් අතර මුදල් ලැබීමට ද සැලස්වූ අතර සහන මිලට බෙහෙත් ද ලබා දීමට කටයුතු කරමින් ජනතාවට සහන දුන් බවයි ඔහු පෙන්වා දුන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *