ජනතාවගේ හැසිරීම වගකීම් විරහිතයි…! තැන තැන කොවිඩ් පොකුරු…! දෙසැම්බර් රට වහන්න වෙනවා…?

November 13, 2021 at 6:54 am | by emanisa.lk

ජනතාව සෞඛ්‍ය පුරුදු අමතක කර වගකීම් විරහිත ලෙස කටයුතු කළහොත් නැවත දෙසැම්බර් මස රට වසා දැමීමට සිදුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා පවසයි.

දැනටමත් ලංකාවේ සෑම ප‍්‍රදේශයකින්ම කොවිඩ් පොකුරු මතුවෙමින් ඇතැයි ද හෙතෙම ඊයේ (13) කියා සිටියේය.

දැන් මේ දින කීපය තුළ දෛනිකව කොවිඞ් රෝගන් 700 ඉක්මවා හමුවෙනවා. මේ තත්ත්වය තුළ රෝහල්වලට එන කොවිඩ් ආසාදිතයින්ගේ ප‍්‍රමාණය වැඩි වෙලා තියෙනවා. කොවිඩ් ලොකු රැල්ලක් ආයේ එන්න පුළුවන් ලකුණු තියෙනවා.

කරන පී. සී. ආර්. ප‍්‍රමාණය වැඩි කරන්න කිව්වාට ඒවා වෙන්නේ නැහැ. හුඟක් දෙනා කොවිඩ් ගැන අමතක කරලා. උපන්දින සාද, විවාහ මංගල උත්සව සඳහා විශාල පිරිස් එනවා කියලා දැනගන්න තියෙනවා. මුව ආවරණ පැළඳ ගමන් කිරීම, දෑත් සේදීම, දුරස්ථභාවය තියාගෙන කටයුතු කිරීම කියන දේවල් දිගටම තියාගෙන කටයුතු කරන්න ඕනෑ.

එහෙම නැතුව කටයුතු කළහොත් දෙසැම්බර්වල නැවතත් කොවිඞ් රැල්ලක් ඒවි. ජනතාව සෞඛ්‍ය පුරුදු අමතක කරලා හැසිරුණොත් පියවරෙන් පියවර විවෘත කරගෙන යන පාසල් ටිකත් ආයේ වහන්න වේවි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස