ගෙවල් තුනක් යා කළ මන්දිරයක මා සිටින බව ඔප්පු කළොත් මන්ත්‍රීකම දාලා ගෙදර යනවා…! – මෛත්‍රී…

November 12, 2021 at 8:32 am | by emanisa.lk

ගෙවල් තුනක් යා කර සෑදූ නිවෙසක තමන් සිටින බව ඔප්පු කළහොත් තමා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඊයේ (11) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයාගේ එම ප්‍රකාශය ගැන තමා කනගාටු වන බව ද කථානායකවරයාගේ අවසරය ඇතිව විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

තමාට මේ නිවෙස ලැබුණේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා භාවිත කළ පසු බවත් තමා පාවිච්චි කළ නිවස තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දුන් බවත් ඔහු පැවසුවේය. එම නිවස පිටට ලස්සනට පෙනුණ ද ඇතුළින් බිත්ති පුපුරා සිවිලිම් කඩා වැටී දිරාපත්ව ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

තමා විස්කි බිබී කළැයි කියන සාකච්ඡාවක් ගැන ද ඔහු සඳහන් කර තිබූ බවත් තමා මත්පැන් සිගරට් බොන අයකු නොවන බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

යම් මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමේදී ඉතා වගකීම් සහගත ලෙස එය ප්‍රකාශ කරන ලෙසත් තමන් සම්බන්ධයෙන් කළ සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *