මුරුත්තෙට්ටුවේ හිමි අපි වගේ උපාධිකාරයෙක් නෙමෙයි…! විශ්වවිද්‍යාලෙක ගාම්භීරත්වය ගැන දන්නෙත් නෑ…! එහිමියන් කොළඹ කුලපති කිරීමට රටම එරෙහි විය යුතුයි…!

November 5, 2021 at 11:30 pm | by emanisa.lk

මා දන්නා තරමින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ද, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන යන මේ කිසිවකු විධිමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා නැත. ඔවුන්ට විවිධ විශ්වවිද්‍යාලවල ඩිප්ලෝමා උපාධි ඇති බව සඳහන් කරතත් ඒවා අප ලැබූ විශ්වවිද්‍යාල අධ්‍යාපනය මෙන් විධිමත් අධ්‍යාපනයක් නොවේ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය තබා උසස් අධ්‍යාපනය ලැබූ බවට හෝ තොරතුරු නැත. එබැවින් මේ අය කිසිවකුට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ විශ්වවිද්‍යාලයක තිබෙන වටිනාකම, ගෞරවය, ගාම්භීරත්වය යන මේ කිසිවක් ගැන අවබෝධයක්, හැඟීමක් නැත.

එබැවින් ඔවුන් කල්පනා කරනු ඇත්තේ විශ්වවිද්‍යාලය යනු පාර්ලිමේන්තු වැනි ආයතනයක් බවයි. පබා, වන් ෂොට් වැනි නළු නිළියන්ට ද ,හරක් හොරු, රත්තරන් හොරු, කසිප්පු කරුවන්, බේබද්දන්, කුඩුකාරයන් වැනි ඕනෑම කෙනෙකුට යා හැකි ආයතනයක් ලෙස ඔවුහු විශ්වවිද්‍යාලය ගැන සිතති.

එබැවින් කාලයක සිට එන එන ආණ්ඩුවලට ගොට්ට අල්ලන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට කොළඹ විශ්ව විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය පිරිනමා ඇත්තේ ය.

කොළඹ විශ්වවිද්‍යාලය යනු ජාත්‍යන්තර ප්‍රමිතිවල ද ඉහළ අගයක් ගන්නා විශ්වවිද්‍යාලයක් වන අතර ශ්‍රී ලංකාවේ පළමු විශ්වවිද්යාලය වේ. එහි වටිනාකම කොතරම් ද මෙහිදී පැහැදිලි කිරීම සඳහා මම කාලය වැය නොකරමි.

වර්තමාන රජය විසින් අධ්‍යාපනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නිරත වන බව පැහැදිලිව පෙනෙන තවත් එක් කාරණාවක් ලෙස මෙය හඳුනාගත හැකිය.

රජය පත් කිරීමට දායක වූ පුද්ගලයෙකු ලෙස මම අතිශය ලැජ්ජාවට, හිරිකිතයට පත්වී සිටිමි.
ගෝඨාභය රාජපක්ෂ අන් කවරෙකුටත් වඩා මේ රටේ සියලු අංශ වල ධනාත්මක වර්ධනයක් වටිනාකමක් ඇති කරන බව මගේ කටින් මිනිසුන්ට කීවෙමි. අද ඔවුන් පෙරළා දැන් වර්ධනය වෙලාදැයි ප්‍රශ්න කරමින් සිටියි.

පොදුවේ මහ ජනතාව මෙම පත් කිරීමට විරුද්ධව නැගී සිටිය යුතු බව මගේ හැඟීම වන අතර අවම වශයෙන් උපාධියක් ඇති සියලුම දෙනා විධිමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබූ සියලුම දෙනා මේ පත් කිරීමට විරුද්ධව නැගී සිටිය යුතු බව සඳහන් කරමි.

මම,
වැහැර සුධම්ම හිමි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *