යහපාලන ආර්ථික කමිටු ප්‍රධානියාත් පැන්ඩෝරා පත්‍රිකාවල…!

November 4, 2021 at 5:15 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනකුගේ සහ අගමැතිවරයෙකුගේ උපදේශකයෙකු වූ රාමලිංගම් පාස්කරලිංගම්ගේ නම ද පැන්ඩෝරා පත්‍රිකාවල ඇතැයි අනාවරණය කර තිබේ.

රාමලිංගම් පාස්කරලිංගම් ජ්‍ය නිලධාරියෙකු ලෙස සහ ශ්‍රී ලංකාවේ නායකයින් තිදෙනෙකුගේ උපදේශකයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

1993 දී ඝාතනයට ලක් වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස යටතේත්, පසුව භාරකාර ජනාධිපති ඩී.බී. විජේතුංග යටතේත් 1989 සිට 1994 දක්වා පාස්කරලිංගම් මෙරට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස සේවය කළේය.

2002 සිට 2004 දක්වාත්, නැවතත් 2015 සිට 2018 දක්වාත් ඔහු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත.

එසේම ඔහු රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ ප්‍රධානියා වූ අතර එමඟින් ව්‍යාපෘති සහ කොන්ත්‍රාත්තු ලබා ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *