එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යසාධක බලකායෙහි දෙමළ ජනතාවට හෝ 52%ක් වන මේ රටේ කාන්තාවන්ට හෝ නියෝජනයක් නොමැති බව අලුත් පියාපත් සංවිධානය පවසයි.
කෙසේ වුව ද මෙම බලකායට දෙමළ ජාතිකයකු ඇතුළත් වුව ද එය පිහිටුවන පටු අරමුණ වෙනස් නොවන බව ද එම සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජිකා ව්රායි කැලී බල්තසාර් පෙන්වා දෙයි.
අධිකරණයට අපහාස කර සිරදඬුවම් ලබා ජනාධිපති සමාව ලද ප්රචණ්ඩ භික්ෂුවක් මෙහි සභාපතිත්වය දරන බවත් ඇය සඳහන් කරයි.
සැබවින් ම මේ රටේ එක නීතියක් ක්රියාත්මක වූයේ නම් එහි සභාපතිවරයා සිටිය යුත්තේ බන්ධනාගාරයේ බව ද බල්තසාර් අවධාරණය කරයි.