ජනවරම ලද ජනාධිපතිවරයා මමයි…! මගේ අභිමතය ක්‍රියාත්මකයි..! ඒ සඳහා පක්ෂ නායක අවසරයක් උවමනා නෑ..! – ජනපති…

October 31, 2021 at 3:28 pm | by emanisa.lk

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එකරටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධානියා ලෙස පත්කළේ රටට නීති සැදීමට නොව තමන්ට උපදෙස් දීමට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත.

ආණ්ඩුවේ පවත්නා නොවිසඳුන ප්‍රශ්න ගැන සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂනායක හමුවේදී ජනාධිපතිවරයා මේ බව පැවැසීය. තමන්ට උපදෙස් දීම සඳහා පත්කරන කාර්යසාධන බලකායට ජනවරම ලත් විධායක ජනාධිපතිවරයා ලෙස තමන්ට අභිමත කෙනෙක් පත්කර ගැනීමට අවකාශ ඇතැයි ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා තිබේ.

තමන් කරන කියන සෑම කරුණක් ගැනම පක්ෂ නායකයන්ගෙන් උපදෙස් ගන්නට ගියහොත් තමන්ට මිත්‍රයන් ඇසුරු කිරීම ගැනත් පක්ෂ නායකයන් ගෙන අවසර ගන්නට සිදුවිය හැකි යැයි ඔහු වැඩිදුරටත් කියා ඇත.

ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයට පත්කළ අවස්ථාවේදීත් මේ ආකාරයේම විරෝධයක් මහා සංඝරත්නයෙන් පවා එල්ල වූ බව පැවසූ ජනාධිපතිවරයා එහෙත් දැන් අලි සබ්‍රි රජය තුළ කාගේත් පිළිගැනීමට ලක්වූ ප්‍රශස්ත සේවාවක් ඉටුකරන අමාත්‍යවරයෙක් බව ද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *