පොහොර සමාගමට මගේ ඥාතීත්වයක් තියෙනවා…! නමුත් චීන පොහොර ආනයනයට මගේ කිසිම සම්බන්ධයක් නෑ..! – අගමැති ලේකම්…

October 31, 2021 at 11:43 am | by emanisa.lk

මතභේදයට ලක්ව ඇති පොහොර ආනයනය කළ සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ එක් අධ්‍යක්ෂවරයකුට තමාගේ ඥාතීත්වයක් ඇති නමුත් එම සමාගමේ ව්‍යාපාර කටයුතුවලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එම සමාගමට ව්‍යාපාර කටයුතු ලබාදීමේදී තමන් කිසිදු මැදිහත්වීමක් හෝ බලපෑමක් කිසිසේත්ම සිදුකර නොමැති බවත් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් අවධාරණය කරයි.

තමන් විසින් එවැනි මැදිහත්වීමක් හෝ බලපෑමක් කර ඇති බවට කවරෙකු හෝ සතුව සාක්ෂි හෝ කරුණු ඇත්නම් ඒ පිළිබඳව විධිමත් පැමිණිල්ලක් ඕනෑම විමර්ශන ආයතනයක් වෙත සිදුකරන ලෙස හෙතෙම ඉල්ලා සිටින අතර එවන් විමර්ශන ආයතනයක් විසින් සිදුකරන ඕනෑම විමර්ශනයක් සඳහා තමන් කැඳවුවහොත් ඉතා ම කැමැත්තෙන් ඊට ඉදිරිපත් වන බවත් ගාමිණී සෙනරත් සඳහන් කරයි.

පසුගිය යහපාලන රජය සමයේදී තමන්ට මෙවැනි අසත්‍ය චෝදනා එල්ල කරමින් විවිධ ආයතන හරහා විමර්ශන සිදුකළ නමුත් එම රජය පැවැති වසර හතරකට වැඩි කාලය තුළ ඒ කිසිවක් ඔවුන්ට අධිකරණයක් හමුවේ ඔප්පු කරගත නොහැකි වූ බව පෙන්වා දෙන අගමැති ලේකම්වරයා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ද තමන් නිදොස්කොට නිදහස් කළ බව ද සිහිපත් කරයි.

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මේ බව පවසන්නේ කාබනික පොහොර ආනයනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සෘජුව හා වක්‍රව තමන් වෙත එල්ල කරන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *